ඉන්ධන මිලට සහනයක් ලබා දෙන කාලයක් පිළිබඳව මේ අවස්ථාවේදී ප්‍රකාශ කළ නොහැකි නමුත් රජයේ අපේක්ෂාව ඉතාමත් ඉක්මනින් ජනතාවට සහනයක් ලබා දිම බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. මේ වන විටත් පෙට්‍රල් ලීටරයකට රු. 20ක් හා ඩීසල් ලීටරයකට රුපියල් 100 ක් බැගින් සහනයක ජනතාවට ලබා දෙන බවද අමාත්‍යවරයා කීය. එම සහනයද ඉවත් කළහොත් ඉන්ධන මිල තවදුරටත් වැඩිවන බවද අමාත්‍යවරයා පැවැසිය.