ඉන්ධන මිල සූත්‍රය කෙටුම්පත් කර අවසන් බවත් එය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යාම හේතුවෙන් ඉන්ධන මිල වැඩි කරන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළද ඒ පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවසීය.
ඉන්ධන සඳහා මිල සූත්‍රයක් පසුගිය යහපාලන රජය සමයේදී එවකට මුදල් අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා හඳුන්වාදුන් අතර එවකට විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුව් මන්ත්‍රීවරුන් ඒ සඳහා දැඩි විරෝධයක් එල්ල කළේය.