ඉන්ධන මිල සූත්‍රය ගැන තීරණය කිරීම ලබන 15 දා වන විට මුදල් අමාත්‍යාංශය හා නිලධාරීන්ට පවරා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවැසීය.
"මහ බැංකුව හා මුදල් අමාත්‍යාංශය ලබාදෙන නිර්දේශ අනුව තමයි අපි කටයුතු කරන්නේ. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද අඩුවෙන විට මිල සූත්‍රයට ඒක ගන්න බෑ. මොකද මිල සූත්‍රයට අපි ගන්නේ පසුගිය දවස් 30 තුළ තිබුණ සාමාන්‍ය අගය.
ඒ සාමාන්‍ය අගය හා අපි ආනයනය කරන මිල එකතු කළ යුතුයි. පරිපහදුවෙන් නිෂ්පාදනය කරන ඒවාගේ මිලත් ආනයන කරන ඒවාගේ මිලත් සැලකිල්ලට ගෙන තමයි අපිට මිල තීරණය කළ යුතු වන්නේ.
මේ තියෙන හැම ඉන්ධන වර්ගයක්ම අපේ ආනයනික මිලට වඩා වැඩි මිලකට තිබෙනවා. පෙට්‍රල්, සුපර් පෙට්‍රල් හා සුපර් ඩිසල් ගත්තාම අපිට දැන් ලාභයක් තිබෙනවා.
ඩීසල් ගත්තාම අපේ පිරිවැය වගේ සාමාන්‍ය මුදලක් තියෙන්නේ. භුමිතෙල් මිල ගත්තත් පිරිවැය වගේ ආසන්න මුදලක් තියෙන්නේ.
ලබන 15 වන විට මේ මිල සූත්‍රය ගැන තිරණය කිරීම මුදල් අමාත්‍යාංශයට හා ඒ සම්බන්ධව කටයුතු කරන නිලධාරීන්ට භාර දෙන්නේ."