අවසන් වරට බස් ගාස්තු ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබා දුන් අවස්ථාවේ නැවත ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුවහොත් බස් ගාස්තු වැඩි කිරීමක් නොකරන බවට බස් හිමියන් එකඟතාවයකට පැමිණි බැවින් ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .
රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව අවධාරණය කර සිටියේ පෙරදා (06) හින්දු සංස්කෘතික ශාලාවේදි පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි . එහිදි වැඩිදුරටත් මෙසේ පැවසීය .
ඉන්ධන හා අමතර කොටස් මිල ගලපා ගනිමින් බස් ගාස්තු සංශෝධනය කිරීමේ මිල සූත්‍රයක් ක්‍රියාත්මක කර තිබෙනවා . බස් ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමේ දී එම සූත්‍රයට අනුකූලවම එය සිදු නොකර ජනතාවට යම් සහනයක් ලබාදීමට පියවර ගන්නවා . අවසන් වරට ගාස්තු වැඩි කිරීමේ දී මෙවැන්නකට නොගොස් මිල සූත්‍රයට අනුව ම ගාස්තු ඉහළ නැංවූවා . එවැනි වැඩි කිරීමක් සඳහා අවසර ලබා දුන්නේ නැවත ඉන්ධන මිල ඉහළ ගියහොත් ගාස්තු ඉහළ දැමීමක් නොකරන බවට බස් හිමියන් එකඟතාවයකට පැමිණි නිසා බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය .
ෂේන් සෙනෙවිරත්න