අයිඕසී හා සමාන මට්ටමක සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවත් මගී ප්‍රවාහන බලපත්‍ර ඇති පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .
මහනුවර දී අද (01දා) පැවති මාධ්‍ය හමුවකදී අමුණුගම මහතා ඒ බව අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ පැවසීය .
පෞද්ගලික බස් රථ වලට ඉන්ධන නිකුත් කිරීමට අවසර ඇති ලංගම ඉන්ධන පිරහුම් හල් නම් කිරීම ඉක්මනින් සිදු කරනවා . පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ වලට එම ඉන්ධනහල් වලින් අවශ්‍ය තරම් ඉන්ධන ලබා ගත හැකියි . මේ සඳහා අවශ්‍ය ඉන්ධන තෙල් සංස්ථාවෙන් ලැබුණ විගස පෞද්ගලික බස් රථ වලට ඉන්ධන නිකුත් කිරීම ආරම්භ කරනවා . එම වැඩ පිළිවෙල විවේචනය නොකර අවශ්‍ය බස්රථ පමණක් එම පහසුකම ලබා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා .
පවතින අර්බුදකාරී අවස්ථාවේ ඉන්ධන පෝලිම්වල රැඳී සිටිමින් අසීරුවෙන් බස් ධාවනයේ යෙදෙන සියලු දෙනාට මාගේ ස්තූතිය පලකර සිටිනවා . අවසන් වරට සිදුකළ බස් ගාස්තු සංශෝධනයේදී ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන බවට එකඟතාවයකට පැමිණි බැවින් මේ අවස්ථාවේ ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තුව වැඩි කිරීමක් සිදු වන්නේ නැහැ . දරාගත නොහැකි ලෙස යම් වැඩිවීමක් සිදු වුවහොත් බස් හිමියන්ට යම් සහනයක් ලබා දීමට පියවර ගන්නවා .
දුම්රිය දෙපාර්තමේන්තුව සතුව දින පහකට සරිලන ඉන්ධන තිබෙන බව කී අමාත්‍යවරයා ඒ හේතුවෙන් දුම්රිය ගමනාගමනය පිළිබඳව මේ අවස්ථාවේ ගැටලුවක් නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කළේය .
ෂේන් සෙනෙවිරත්න