ඉන්ධන මිල අඩු කිරිම ප්‍රමාණවත් නොවන බව හැටන් ප්‍රදේශයේ වාහන හිමියන් සහ රියදුරන් කියා සිටියි.
(30) දින මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලිටරයක මිල රු 7 කින්, සුපිරි පෙට්‍රල් ලිටරයක් රු 10 කින්, ඩිසල් ලිටරයක් රු 15 කින් , සුපිරි ඩිසල් ලිටරයක් රු 135 කින් අඩු කලද එය වැඩි කල මිලට සාපෙක්ෂව ප්‍රමාණවත් නොවන බවයි එම රියදුරන් කියා සිටින්නේ.
තවද සුපිරි ඩිසල් ලිටරයක මිල රු 135 කින් අඩු කළද සුපිරි ඩිසල් තමන් භාවිත කරනු ලබන්නේ ධනවතුන් බවයි එම රියදුරන් සහ වාහන හිමියන් කියා සිටියේ.