ඉන්ධන මිල අඩු වැඩි වෙයි
- 31 05 2023
- 21:40
- {{hitsCtrl.values.hits}} views
- ..
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඒ අනුව ලංකා පෙට්‍රල් 92 රුපියල් 15කින් අඩු කර ඇති අතර ඒ අනුව එහි නව මිල රුපියල් 318ක් වන අතර ලංකා පෙට්‍රල් 95 රුපියල් 20කින් ඉහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල 385කි.
මේ අතර සුපිරි ඩීසල් මිල පමණක් සංශෝධනය වී ඇති අතර එහිදී ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 හි මිල රුපියල් 10කින් ඉහල දමා ඇති අතර එහි නව මිල වනුයේ රුපියල් 340කි.
ලංකා භූමිතෙල් මිලද සංශෝදනව වී ඇති අතර එහිදි භූමිතෙල් (ලංකා) රුපියල් 50කින් අඩු කර තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 245ක් ලෙසත් ලංකා කාර්මික භූමිතෙල් මිල රුපියල් 60කින් අඩු කිරීමටද පියවර ගෙන තිබෙන අතර එහි නව මිල රුපියල් 270ක් ලෙසත් සංශෝධනය කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
