ජාතික ඉන්ධන අවසරපත හෙවත් කිව්.ආර්. කේතයේ සතියේ ඉන්ධන කෝටාව යාවත්කාලීන කිරීම මෙතෙක් පැවැති ඉරිදා දින මධ්‍යම රාත්‍රිය වෙනුවට අඟහරුවාදා දින මධ්‍යම රාත්‍රිය ලෙස වෙනස් කිරීමට කටයුතු කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව අද (08දා) සිට මෙම තීරණය ක්‍රියාත්මක කෙරනු ඇත. මේ අනුව ඊයේ දිනයේදී ගිණුම් යාවත්කාලින කළ බවද අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
කෙසේ වෙතත් ඉන්ධන කෝටාවේ ඉන්ධන ප්‍රමාණය තවදුරටත් නොවනස්ව පවතින බව ද අමාත්‍යවරයා පැවැසිය.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තයේ සති අන්තයේ ඉන්ධන බෙදාහැරීමේ පියවර අඩු කිරිම වෙනුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමෙන් පවසයි.