පන්නල නගරයට ආසන්නව කුලියාපිටිය මාර්ගයට යාබදව පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ඉන්ධන ලබාගැනීමට පැමිණ පෝලිමේ සිටි පුද්ගලයෙකු ඊයේ (15දා) සවස ඇතිවූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් සඳලංකාව දිසා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතිබව පන්නල පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ හොරවඩුන්න ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි බහ්රමචාරිගේ ප්‍රේමදාස නැමති (62) හැවිරිදි විවාහක අයෙකු බවද සඳහන්වේ.
මියගිය පුද්ගලයා තම යතුරුපැදියට ඉන්ධන ලබාගැනීම සඳහා පැමිණි අවස්ථාවේ මෙම අනතුරට මුහුණපා ඇති බවත් පොලීසිය පවසයි. පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාගේ උපදෙස් මත නිළධාරීහූ කණ්ඩායමක් මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
පන්නල-හේමා රාජපක්ෂ