බොරැල්ල ටිකල් පාරේ අයි ඕ සි ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයෙකු සිය සුඛෝපභෝගී මෝටර් රථය තුල මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අංගොඩ ගොතටුව පදිංචිව සිටි හේවාගම දිසානායකගේ සුජීව විකුම් ගුණරත්න 60 හැවිරිදි අයෙකි.
මියගිය පුද්ගලයා ඊයේ (4දා) රාත්රී ඉන්ධන ලබා ගැනීම සඳහා මෝටර් රථයෙන් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඒ ජේ එම් ආර් සමරසිංහ මහතා පැවසීය.
මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා තැන්පත් කර ඇත.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඒ ජේ එම් ර් ආර් සමරසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.