බදුල්ල හිදගොඩ අයි,ඕ,සී ඉන්ධන පිරවුම් හළට අද (28දා) අළුයම් කාලයේදි පැමිණි අයෙකුට ඉන්ධන නෙදුන්නැයි කියන සිද්ධියකට සේවකයින්ට ගිනි අවියක් පෙන්වා තර්ජනය කර අහසට වෙඩි තබා පලාගිය පුද්ගලයෙකු ගිනි අවිය සමග අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
බදුල්ල ප්රදේශයේම පදිංචි මෙම පුද්ගලයා බීමත්ව පිරවුම් හලට පැමිණ ඉන්ධන ඉල්ලා ඇති බවත් එහිදි ඉන්ධන නොමැති බව ප්රකාශ කිරීමෙන් පසු සේවකයින්ට තර්ජනය කර ගිනි අවියෙන් අහසට වෙඩි තබා පළාගොස් තිබේ.
පොලිසිය සිදු කළ පරීක්ෂණයකදි කුඩා ගිනි අවියකට යොදන පතරොම් උණ්ඩ හිස් කොපු හතරක් පිරවුම් හලේ බිම වැටී තිබියදි සොයාගෙන තිබන අතර සැකකරු ගිනි අවිය,හිස් පතොරම් කොපු සමග අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පැවසීය.
ලුණුගල ප්රසන්න පත්මසිරි