මල් ශාලාවේ වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමට නිවසින් ගිය සිය සැමියා සිව් දිනක් තිස්සේ සිට නිවසට නොපැමිණි බව කියමින් අම්බලන්ගොඩ කහවේ මල් ශාලා හිමියෙකුගේ භාර්යාව පැමිණිළි කොට ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි.
නිවසට නොපැමිණි සිය සැමියාහේ ජංගම දුරකතනයද මේ වනවිට අක්‍රිය වී ඇති බවද ඇය සිය පැමිණිල්ලේ සදහන් කොට ඇති බවද පොලීසිය කියයි.
භාර්යාව ලබාදුන් මල් ශාලා හිමිකරුගේ ජංගම දුරකතනයට ඇමතුම් ගත්තද එය ක්‍රියා විරහිත බවද පොලිසිය කියයි.
ඉන්ධන නොමැතිකමෙන් මල් ශාලාවේ දෛනික කටයුතු කරගෙන යාමට නොහැකි නිසා සිය සැමියා ප්‍රෙද්ශයේ ඉන්ධන පිරවුම්හලකට ගොස් ඉන්ධන නැතැයි කියමින් නිවසට පැමිණි බවත් එසේ නිවසට පැමිණි සැමියාගේ ජංගම දුරකතනයට කෙනෙක් කතා කොට ඉන්ධන ලබාදීමට මගට පැමිණෙන්න යයි දැනුම්දී ඇති බවත් ඒ අනුව ඔහු ඉන්ධන ලබා ගැනීමට මගට ගොස් ඇති බවත් භාර්යාව සිය පැමිණිල්ලේ සදහන් කොට ඇති බවත් පොලීසිය කියයි.
ඉන්ධන ලබා ගැනීමට මගට ගිය සැමියාගේ ප්‍රමාදය නිසා ඔහුගේ ජංහම දුරකතනයට ඇමතුම් ගත්තද එය වසා දමා ඇති බවටද භාර්යාව පැමිණිළි කොට තිබේ.
සිය සැමියාට ඉන්ධන ලබාදීමට මහට පැමිණෙන්න යයි එන්න කීවේ කවුද යන්න මෙන්ම ඒ අවස්ථාවේ සිට ඔහුගේ ජංහම දුරකතනය ක්‍රියා විරහිතව තිබීම සහ ඔහු පසුගිය 20වැනිදා සිට මේ වනතෙක් නිවසට නොපැමිණීම අභිරහසක් බවත් භාර්යාව පොලිසියට පැමිණිලි කර ඇත.
දැනට සිව් දිනක් පුරා නිවසට නොපැමිණුනේ යයි කියන මල් ශාලා හිමියා සම්බන්ධයෙන් අපරාදයන් පිළිබදව කිසිදු පැමිණිල්ලක් හෝ ඔහුට හතුරන් සිටින බවටද කිසිදු තොරතුරක් ලැබි නැතැයි පොලීසිය කියයි.
මල් ශාලා හිමියා නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය පරික්ෂණ පවත්වයි.
කරන්දෙණිය එම්.සුසිල් පියන්ත