ත්රී රෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමුවත් ගාස්තුව අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා තීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පවසයි.
දැනට සතියකට ලබා දෙන පෙට්රල් ලීටර් 5ක ප්රමාණය දෙගුනයක් කිරීම ප්රමානවත් නොවන බවත් ගාස්තුවේ වෙනසක් සිදුකිරීමට නම් ත්රී රෝද රථ සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව දිනකට ලීටර් 5ක් කළ යුතු බවත් සභාපතිවරයා පැවසීය.