ඉන්දුනීසියා භු කම්පනයෙන් 47ක් ජීවිතක්ෂයට
ඉන්දුනීසියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 47 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. භූමිකම්පාවෙන් දිවි ගලවා ගත් අය සොයා ඉන්දුනීසියාවේ ගලවා ගැනීමේ කණ්ඩායම් මෙහෙයුම් සිදු කරමින් සිටී.
රික්ටර් මාපකයේ 7.7ක විශාලත්වයකින් යුත් මෙම භූමිකම්පාව ෆ්ලෝරස් (Flores) දූපතට බලපෑවේ වේලාවෙන් 05:00ට මඳක් පෙර වන අතර, එහි ගැඹුර කිලෝමීටර 15ක් වූ බව ඉන්දුනීසියාවේ කාලගුණ විද්‍යා හා භූ භෞතික විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කළේය.
භූමිකම්පාව සහ ඉන් අනතුරුව ඇති වූ පසු කම්පන (aftershocks) රැසක් හේතුවෙන් ගොඩනැගිලි සිය ගණනකට දැඩි හානි සිදුවී ඇති බව මූලික වාර්තා මගින් පෙන්නුම් කෙරේ.
කෙසේ වෙතත්, මෙම ව්‍යසනයේ පූර්ණ විෂය පථය තවමත් අපැහැදිලිව පවතින අතර, ඉන්දුනීසියාවේ අනෙක් කෙළවරේ රික්ටර් මාපකයේ 6.9ක විශාලත්වයකින් යුත් දෙවන භූමිකම්පාවක්ද ඇතිවිය.
සෙනසුරාදා ඇති වූ ප්‍රබල භූමිකම්පාවේ කම්පන බිමා (Bima) ප්‍රදේශය සහ නගරය දක්වා බටහිර දෙසින් පිහිටි ප්‍රදේශවල වැසියන්ට දැනී ඇති බව ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය (BNPB) පැවසූ නමුත්, මංගරයි (Manggarai) පළාත වඩාත්ම
බලපෑමට ලක්වූ ප්‍රදේශ අතරට අයත් වේ.
මූලික දත්තවලට අනුව එහි මරණ 24ක් වාර්තා වී ඇති අතර, නැගෙනහිර මංගරයි පළාතේ මරණ 17ක්, සිකා (Sikka) පළාතේ මරණ 3ක් සහ න්ගාඩා (Ngada), එන්ඩේ (Ende) සහ බටහිර මංගරයි යන පළාත්වලින් අවම වශයෙන් එක් මරණය බැගින්
වාර්තා වී ඇත.
තවත් අවම වශයෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති අතර 11 දෙනෙකු සුළු තුවාල ලබා ඇත.
බලපෑමට ලක්වූ ප්‍රදේශ වෙත ආධාර යවමින් පවතින බවත්, මේ වන විට මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත ආධාර පැකේජ 10,500ක් ලැබී ඇති බවත් BNPB ආයතනය ප්‍රකාශ කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

