ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන දින පහක නිල සංචාරයක් සඳහා අද (12දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාපති ජෙරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව ඉන්දීය හමුදාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙයි.
ඉන්දීය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානීගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා සමග සාකච්ඡා කිහිපයක්ම පැවැත්වීමට නියමිතව ඇත.