ඉන්දීය නාවිකයන් පිරිසක් මත්තලින් ඉන්දියාවට
- 27 06 2020
- 21:07
- {{hitsCtrl.values.hits}} views
- ටී.කේ.ජී. කපිල
කොළඹ වරායේ නැංගුරම් ලා ඇති විදේශීය නැවක සේවය කරන ඉන්දීය ජාතික නාවිකයන් 54 දෙනෙකු ,
යළි ඉන්දියාව වෙත රැගෙන යෑම සදහා ඉන්ඩිගෝ ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 6/27 දින සවස මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඉන්දියාවේ බැංගලෝර් නුවර ගුවන් තොටුපළේ සිට ගමන් ඇරඹූ ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ 9203 දරන විශේෂ ගුවන් යානය 6/27 දින සවස 6.15 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මෙම ගුවන් යානයෙන් , ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි එක් ශ්රී ලාංකික ගුවන් මගියෙකු මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර, ඔහු පී.සී.ආර්.පරීක්ෂණ වලින් අනතුරුව නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ.
මෙම ගුවන් යානයෙන් ඉන්දියාව බලා යෑමට නියමිත මෙම නාවිකයන් පිරිස කොළඹ වරායේ සිට හම්බන්තොට ප්රදේශයට පැමිණ දින 14 ක කාළයක් නීරෝධායනයට ලක් වී තිබේ .
මෙම ඉන්දීය ජාතික නාවිකයන් පිරිස රැගත් ගුවන් යානය රාත්රී 8.05 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර ගුවන් තොටුපළ බලා පිටත්ව ගියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
