ඉන්දීය ධීවරයින් විසින් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මත්ස්‍යයින් ඇල්ලීම නවතාදෙන ලෙසට ඉල්ලීම් කරමින් උතුරු පළාතේ ධීවරයින් අද (17) විරෝධතාවයක නිරතවී තිබේ.
මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා මුහුදු තීරයේ බෝට්ටුවල කළුකොඩි ඔසවමින් විරෝධතා පුවරු රැගෙන ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වී ඇති බවට වාර්තා වෙයි.