උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් අල්ලමින් සිටියදී අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගතව සිටි ඉන්දීය ධීවරයින් 55 දෙනෙකු දැඩි කොන්දේසි මත නිදහස් කිරීමට යාපනය කයිට්ස් මහෙස්ත්රාත් ගජනිතිබාලන් මහතා ඊයේ (25දා) නියෝග කළේය.
යාපනය ධීවර පරික්ෂක නිලධාරීන් විසින් නාවික හමුදාවේද සහය ඇතිව පළමුවතාවට ජී.පී.ආර්.එස්. තාක්ෂණයන්ද යොදා ගනිමින් අදාල ඉන්දීය ධීවරයින් 55 දෙනාට එරෙහිව කයිට්ස් අධිකරණයේදී නඩු පවරා තිබුණි.
යාපනය ඩෙල්ෆ් සහ එළුවතිව් මුහුදු සීමාවන්ට අනවසරයෙන් ඇතුලුවී මසුන් අල්ලමින් සිටියදී පසුගිය 2021 වසරේ දෙසැම්බර් 19 දා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ධීවර පරික්ෂක නිලධාරීන්ට භාර දී තිබුණි.
එහිදී ඉන්දීය ධීවරයින්ට එරෙහිව නඩුව කැඳවූ අවස්ථාවේදී ඉන්දීය ධීවරයින් වරද පිළිගැනීමෙන් අනතුරුව කයිට්ස් මහෙස්ත්රාත් වරයා නියෝග කොට සිටියේ සියලුම ධීවරයින්ගේ ඇඟිලි සලකුණු ලබාගන්නා ලෙසටත් ධීවරයින් 55 දෙනාටම මාස 06 ක සිරදඩුවමක් අවුරුදු 05 කට අත්හිටවීමටය.
යම් හෙයකින් අදාල කාල සීමාව තුලදී කිසිදු ධීවරයෙකු ශ්රීලංකා මුහුදු සීමාවට ඇතුළුවිය නොහැකි බවටත් එසේ ඇතුළු වී සිටින්නේනම් වහාම එම පිරිස් අත්අඩංගුවට ගෙන සිරදඩුවම් ක්රියාතමක කරන ලෙසටද පොලීසියට සහ නාවික හමුදාවට කයිට්ස් මහෙස්ත්රාත්වරයා දැනුම් දෙනු ලැබීය.
දැඩි කොන්දේසි මත නිදහස් කරන ලද ධීවරයින් ඉදිරියේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මාර්ගයෙන් නාවික හමුදාවේද සහය ඇතිව ඉන්දීය වෙරලාරක්ෂක නිලධාරීන්ට භාරදීමට නියමිතව ඇත.