ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයකදී, මෙරට මුහුදු සීමාව තුළට ඇතුළුවී අනවසර ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 06 දෙනෙකු, අද (19දා) අළුයම නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
උතුරු නාවික විධානයට අනුයුක්ත හතරවන වේග ප්‍රහාරක බලගණයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් විසින් කෝවිලන් ප්‍රදීපාගාරයට වයඹ දෙසින් වූ ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ සිදුකළ මුරසංචාරයක් අතරතුරදී අන්තර්ජාතික මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මෙරට මුහුදු සීමාව තුල නීති විරෝධී ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ඩව් යාත්‍රාවක් සමඟ එහි සිටි ඉන්දීය ජාතික ධීවරයින් 06 දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගන්නා ලදී.
පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ඩව් යාත්‍රාව සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල අංශ වෙත යොමු කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් පවතී.

