ඉන්දීය ණය යටතේ මෙරටට ලබා දෙන යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් අවසන් තොගය වන මෙට්‍රික් ටොන් 21,000ක තොගය අද (22දා) ඉන්දීය මහකොමසාරිස් අශෝක් භග්ලේ මහතා විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට නිල වශයෙන් බාර දෙනු ලැබිණි.
පොහොර තොගය ලංකා පොහොර සමාගමට සහ කොමර්ෂල් පොහොර සමාගමට යැවීමේ කටයුතු ද ඇරඹූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.
