ඉන්ධන ණය පහසුකම යටතේ පෙට්රල් මෙට්රික් ටොන් 36,000ක් රැගත් නෞකාවක් හා ඩීසල් මෙට්රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් ශ්රි ලංකාවට පැමිණ ඇති බව ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
එසේම ඉන්දීය ණය පහසුකම් යටතේ මේ දක්වා ඉන්ධන මෙට්රික් ටොන් 270,000කට අධික ප්රමාණයක් ලංකාවට ලබාදී ඇති බවද ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වැඩිදුරටත් පවසයි.