ඉන්දීය ආරක්ෂක ඇමති ලබන මස දිවයිනට
ශ්‍රී ලංකා – ඉන්දියා ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං මහතා ලබන මස 9 සහ 10 දෙදින මෙරට නිල සංචාරයකට එක්වීමට නියමිතය.
මෙම සංචාරයේදී ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මෙම සංචාරයේ දී රාජ්නාත් සිං මහතා ජනාධිපති සහ ආරක්ෂක ඇමැති අනුර කුමාර දිසානායක, අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා යන මහත්ම මහත්මීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාවලදී 2025 අප්‍රේල් 5 වැනිදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ කොළඹ සංචාරය අතරතුර අත්සන් කරන ලද “ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතා අවබෝධතා ගිවිසුම” (MoU) පූර්ණ හා කාලෝචිත ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳව සමාලෝචනය කෙරෙන අතර වසර පහක කාලයක් සඳහා වලංගු මෙම ගිවිසුම, දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් අත්සන් කරන ලද ප්‍රථම පුළුල් අවබෝධතා ගිවිසුම වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
