ඉන්දියාවේ සිට ශ්රීී ලංකාව තුළ මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙළි වීි ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්යෛෂ්ඨ පොලිස් අධිකාරීී නිිහාල් තල්දූව මහතා කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කොටහේනේදී අත්අඩංගුව ගත් සැකකරුවන් දෙදෙනකුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීිම්වලදි මෙම තොරතුරු හෙළිව තිබේ.
"ගෝනහේන පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කොටහේන පොලිස් වසමේ කළ මෙහෙයුම් දෙකකදී සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් සම්බන්ධයෙන් කළ වැඩිදුර විමර්ශනයේදී ඔවුන් සන්තකයේ තිබී හොරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 106ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරන ලක්ෂ 78කට අධික මුදලක්ද සොයාගනු ලැබුවා.
ඉන්දියාවේ සිට සැකකරුවෙක් විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන බවට ප්‍රශ්න කිරීම්වලදීි හෙළිවුණා. මේ පිිළබඳව වැඩිදුර අණාවරනය කර ගැනීම සඳහා සැකකරුවන්, මුදල් හා මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත ලබාදුන්නා."