චීන හා ඉන්දියා සබඳතා ක්‍රමයෙන් සාමාන්‍යකරණය කිරීමේ තවත් පියවරක් ලෙස, ඉන්දියාව සහ චීනය මෙම මාසයේ දී රටවල් අතර සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසයි.
හිමාලයානු දේශසීමාවේ මාරාන්තික චීන හා ඉන්දිය හමුදා ගැටුම් වලින් පසුව, 2020 සිට දෙරට අතර සෘජු ගුවන් ගමන් නවතා දැමීය
නමුත් පසුගිය වසරක පමණ කාලය තුළ, දිල්ලිය සහ බීජිං දේශසීමාවේ ආතතීන් සමනය කිරීමට පියවර ගැනීම ඇතුළුව සබඳතා නැවත ගොඩනඟා ගැනීමට කටයුතු කරමින් සිටියි.
ඉන්දියාවේ විශාලතම අඩු වියදම් ගුවන් සේවාවක් වන ඉන්ඩිගෝ ගුවන් සේවය පැවසුවේ ඔක්තෝබර් 26 සිට කොල්කටා සහ ගුවැන්ෂු නගර අතර සෘජු ගුවන් ගමන් නැවත ආරම්භ කරන බවයි.