ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමග භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් කිහිපයක් මෙරටට ලබාදීමට එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේය.
ඒ අනුව දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාව විසින් මෙරටට ලබාදීම සඳහා එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේ ද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියේ දී තාක්ෂණික කණ්ඩායම ඉන්දියාව වෙත යැවීමට තීරණය කර ඇති බව සඳහන් වේ.
අනතුරුව එම දුම්රිය එන්ජින් මෙරටට ලබා ගැනීමට තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා විය.