කොළඹ නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී කණ්ඩායම විසින් ඊයේ (29) හදිසි යෝජනාවක් ලෙස ගෙනා ඉන්ධන මිල සහනය ජනතාවට ලබාදිය යුතුයි යන යෝජනාව නගර සභාව නියෝජනය කරන සියලු පක්ෂවල සහයෙන් ඒ්කමතිකව සම්මතවී තිබේ.
කොළඹ නගර සභාව නියෝජනය කරන මන්ත්රීවරු 119 දෙනාගෙන් අද නොපැමිණ සිටියේ මන්ත්රීවරු පස්දෙනෙකු පමණි.
ජවිපෙ මන්ත්රීවරු හයදෙනාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කළ එම යෝජනාව ශ්රී ලංකා පොදුජන පෙරමුණ, ශ්රීලනිපය, ස්වාධීන කණ්ඩායම් සහ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලු මන්ත්රීවරුන් විසින් සම්මත කළහ.
එම යෝජනාවේ සඳහන් වන්නේ ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල පහත බැසීමට සමගාමීව මෙරට ඉන්ධන මිල පහත හෙලා එහි වාසිය සමස්ත ජනතාවට ලබාදීමට කඩිනමින් කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවය.
එමෙන්ම පසුගිය දා විශේෂ ගැසට් නිවේදනයක් මගින් භාණ්ඩ වර්ග 20ක පමණ බදු ඉහළ දැමීම නිසා ජනතාව විසින් නාගරික මන්ත්රීවරුන්ට තම දුක්ගැනවිලි ඉදීරිපත් කරමින් තිබෙන බවද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර තිබේ.