ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින් හා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියලකින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ යන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 157 දක්වාත් සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 130 දක්වාත් ඉහළ යනු ඇත.
ඉන්ධන මිල සූත්‍රය අනුව මෙම ඉහළ යෑම සිදුවෙයි. කෙසේ වෙතත් ඔටෝ ඩීසල් හා ඔක්ටේන් 92 පෙට්‍රල් මිල වෙනස් නොවන බවත් අමාත්‍යවරයා පැවැසීය. ඒ අනුව ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 145ක් ලෙසද ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 118ක් ලෙසද පවතී.