ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ බීඩිකොළ මෙට්‍රික් ටොන් 18ක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මින් මෙට්‍රික් ටොන් 04ක් ලුණු සමග සඟවා මෙරටට රැගෙනවිත් තිබෙන අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කරයි.
මීට අමතරව අඩි 40ක් දිග කන්ටේනරයක බීඩිකොළ මෙට්‍රික් ටොන් 14ක් රැගෙන විත් තිබෙන අතර, එහි වටිනාකම රුපියල් ලක්ෂ 100කට අධික බවද රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.
බීඩිකොළ සඳහා අධික තීරු බද්දක් අය කරන බවත්, මේ නිසා මෙම භාණ්ඩ හොර රහසේ රට තුළට ගමන් කළේ නම් බීඩිකොළ මෙට්‍රික් ටොන් 18 නිසා රජයට රුපියල් ලක්ෂ පන්සිය අසූවකට අධික මුදලක් අහිමි වන බවත් පවසා සිටියේය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් වාප්පු ලිපිකරුවෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.