ඇවන්ගාඩ් සමාගමට අයිති නැවක කාර්යය මණ්ඩලය මාරු කිරීම සදහා ඉන්දියාවේ මුම්බායි සිට විශේෂ ගුවන් යායානයකින් නාවිකයන් 86 දෙනෙකු අද (6) දින රාත්රී කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .
මෙම පිරිස ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී.- 9067 දරන ගුවන් යානයෙන් අද දින රාත්රී 8.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කෙරෙන අතර , ඉන්පසුව ඔවුන් නීරෝධායන කටයුතු සදහා (Ozo Hotel ) හෝටලයක් වෙත යොමු කිරීමට නියමිතය .