ඉන්දියානු රජයේ සහ ශ්‍රි ලංකා රජයේ ප්‍රතිපාදන යටතේ බගවන්තලාව ප්‍රදේශයේ ඉදි වු වතු නිවාස 155ක ගම්මානයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (24) වතු කම්කරු අයිතියට පත් කරනු ලැබුවා.
බගවන්තලාව වැවිලි සමාගමට අයත් බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයායේ ඉදි වු වතු නිවාස 155කින් සමන්විත එම නිවාස යෝජනා ක්‍රමය කම්කරු ජාතික පෙරමුණේ සහ ජාතික කම්කරු සංගමයේ නිර්මාතෘ දිවන්ගත වි.කේ වෙල්ලෙන්පුරම් මහතා සිහි කිරිම සඳහා වි.කේ වෙල්ලෙන්පුරම් ගම්මානය වශයෙන් නම් කර තිබේ.
ඉන්දියානු රජයේ රු ලක්ෂ 10ක ප්‍රතිපාදන කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යංශයේ රු ලක්ෂ දෙකක් එක් නිවාසයක් සඳහා වැය කර ඇති අතර මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා රු මිලියන 175ක ප්‍රතිපාදන වැය කර ඇත.
පර්චස් 7 ක ඉඩමක තනි නිවාස වශයෙන් ඉදි වු මෙම සැම නිවසක්ම විසිත්ත කාමරයක්, නිදන කාමර දෙකක්, මුළුතැන්ගෙයක් සහ සනිපාරක්ෂක පද්ධතියක් , මං මාවත් විදුලිය සහ පානීය ජලයෙන්ද සමන්විත වන අතර ඇතැම් නිවාස එහි පදිංචිකරුවන්ද ප්‍රතිපාදන වැය කරමින් ප්‍රතිසංස්කරණය කරගෙන ඇත.
වත්මන් රජය යටතේ හරිත ගම්මාන සංකල්පය මත වතු කම්කරුවන් සඳහා ඉදිවන මෙම සැම නිවසකටම හිමිකම් ඔප්පුවක්ද ලබා දෙනු ඇත.
අග්‍රමාත්‍යයවරයා සහ ඉන්දියානු ශ්‍රි ලංකා මහ කොමසාරිස් ශ්‍රි තරංජිත් සින් සන්ධු මහතා විසින් ඉදි කල නිවාස වතු කම්කරු අයිතියට පත් කිරිමේ පසු කදුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි දිගම්බරම් මහතා විසින් නිවාසලාභින්ට නිරවුල් ඔප්පු ප්රදානයක්ද අද (24) සිදු කරනු ලැබුවා.