ඩීසල්මි ල අඩුවීම පදනම් කරගෙන ඉදිරියේදී බස් ගාස්තු අඩුවීමකට යා නොහැකි බවත්, මේ නිසා අමතර කොටස් මිල ටයර් මිල පහළ දැමීමට වැඩපිළිවෙළ අවශ්‍ය බවත් සමස්ත ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
බස්රථවලට යොදන බැටරියක මිල රුපියල් 35,000 සිට රුපියල් 80,000 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, ටයරයක මිල රුපියල් ලක්ෂය ඉක්මා ගොස් තිබෙනබවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවසීය.
ටයරයක් නැවත පිරවීම සඳහා රුපියල් 25,000ක මුදලක් අවශ්‍ය බවත්,මීට අමතරව ලිහිසි තෙල් මිල අධික ලෙස ඉහළ ගොස් තිබෙන අතර, ඇතැම් අමතර කොටස්වල මිල 500%කින් පමණ ඉහළ ගොස් තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.
පසුගිය කාලයේදී ඩීසල් මිල අඩුවීමට සාපේක්ෂව බස් ගාස්තු අඩුකළ බවත්, මේ හරහා බස්රථ ආදායම් අඩු වූනමුත්, බස්රථ නඩත්තුව සඳහා යන වියදම් දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවත් ප්‍රධාන ලේකම්වරයා ප්‍රකාශ කළේය.
මේ නිසා ඉදිරියේදී ඩීසල් මිල අඩු වීමක්සිදුවුවත්, බස්ගාස්තු සංශෝධනයකට යාමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙන බවත්, මේ නිසා බස්රථ අමතර කොටස් මිල, ලිහිසි තෙල් මිල හා ටයර් මිල අඩු කිරීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ මහතා පැවසීය.