ඉදිරි වසර තුළ කිසිම සහල් හිඟයක් නැ
ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට වි වගාවට සිදුවි ඇති සමස්ත හානිය පිළිබද සලකා බැලිමේ දි ඉදිරිවසර තුල කිසිසේත්ම සහල් හිගයක් ඇතිවිය නොහැකි බැව් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරිමේ ආයතනයේ ආහාර පද්ධති අංශයේ අංශ ප්‍රධානි ජේ්‍යෂ්ඨ පර්යේෂක හා ප්‍රවින කෘෂිආර්ථික විශ්ලේෂක ඩබ්ලිව්.එම් දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.
මෙවර මහ කන්නයේ (2025/2026) නොවැම්බර් මස අවසාන වනවිට වි වගාකොට ඇතිබිම් ප්‍රමාණයෙන් සම්පුර්ණයෙන්ම හානිවි ඇත්තේ හෙක්ටයාර් එක්ලක්ෂ,අටදහසක් (108,000) බවද හෙතෙම පවසයි. මෙම තත්ත්වය තුල වි වගාවට සිදුවි ඇති හානිය පිළිබද සලකා බැලිමේ දි සමස්ත වී නිෂ්පාදනයට සිදුකළ හැකි බලපෑම සියයට නමයක්, දොළහක් අතර ප්‍රමාණයක් බවද දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි.
මෙවර මහ කන්නයේ දි (2025/2026) දැනට වි වගාකොට ඇති බිම් ප්‍රමාණය සහ වගා හානි වි ඇති බිම් ප්‍රමාණය සලකා බැලිමේ දි වි මෙට්‍රික්ටොන් ලක්ෂ 25ක නිෂ්පාදනයක් අපේක්ෂා කළ හැකි බවද දුමින්ද ප්‍රියදර්ශන මහතා පෙන්වාදෙයි.
එම වි නිෂ්පාදනය රටේ පාරිභෝගික අවශ්‍යතාවයෙන් අවම වශයෙන් මාස හතකට ප්‍රමාණවත් සහල් නිෂ්පාදනය කළහැකි බවද කෘෂිආර්ථික විශ්ලේෂක ඩබ්ලිව්.එම් දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසයි. මෙවර මහ කන්නයේ දි ලැබුණු අධික වර්ෂාපතනය හේතුවෙන් 2026 යල කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 05කට අධික භුමි ප්‍රමාණය වි වගාකළ හැකි බවට අපේක්ෂා කළ හැකි බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

