රොයිටර් - ඉන්ධන සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඉදිරි මාස හය තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3 ක පමණ මුදලක් අවශ්‍ය බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා රොයිටර්ස් පුවත්සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කර තිබේ.
“එය දුෂ්කර කාර්යයක්,” යැයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ. මේ මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා ශ්‍රී ලංකාව සූදානම් අතර ඒ හරහා ඩොලර් බිලියන තුනක මූල්‍ය පහසුකමක් ලබාගැනීමට අපේක්ෂා කරයි.
ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ගෙවීම් ප්‍රතිව්‍යුහගත කිරීමට රජය අපේක්ෂා කරන අතර ජූලි මාසයේදී ගෙවීමට නියමිත ඩොලර් බිලියන 1 ක බැඳුම්කර හිමියන් සමඟ සාකච්ඡා කිරීමටද රජය අපේක්ෂා කරයි.
ශ්‍රී ලංකාවේ දළ ණය සේවාකරණය මේ වසරේ ඩොලර් බිලියන 7 ක් වන අතර ජංගම ගිණුමේ හිඟය ඩොලර් බිලියන 3 ක් පමණ වනු ඇති බවයි.
"පළමු ප්‍රමුඛතාවය වන්නේ ඉන්ධන, ගෑස්, ඖෂධ සහ විදුලිය සම්බන්ධයෙන් සාමාන්‍ය තත්ත්වයට පැමිණීමයි. එයින් ජනතා නැගිටීමට ආමන්ත්‍රණය කළ හැකියි," සබ්රි පැවසීය.
ඉන්ධන සඳහා ශ්‍රී ලංකාව තවත් ඩොලර් මිලියන 500 ක ණය මාර්ගයක් ඉන්දියාවෙන් ඉල්ලා සිටින අතර එය සති පහකට පමණ ප්‍රමාණවත් වනු ඇතැයි සබ්රි පැවසීය.
ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ චීනය, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ මැදපෙරදිග රටවල් ඇතුළු ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගේ සහාය ද රජය අපේක්ෂා කරයි.
"අපි ඉන්නේ කොහෙද කියලා අපි දන්නවා, එකම දේ සටන් කිරීම පමණයිඅපිට විකල්පයක් නැහැ."
ඩොලර් බිලියන 1.5 ක ණය මාර්ගයක්, ඩොලර් බිලියන 1 ක් දක්වා ඒකාබද්ධ ණයක් සහ යම් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමක් පිළිබඳව චීනය සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතී.