ඉදිරි දින් කිහිපයේදී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බවත් දිවයිනේ දකුණු අර්ධගෝලයේ අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, නැහෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොලොන්නරුව දිස්ත්රික්කහේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවන බවත් ඒම දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනදේ දැක්වෙයි.
දිවයිනේ සෙසු ප්‍ර දේශවල පස්වරු 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් නැගෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිල මිටර්100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් ඒම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.