ඉදිරි දින කිහිපයේදී වැස්ස වැඩිවෙයි
නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඒ් හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍ර දේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවෙන
බවද එම දෙපාර්තමේන්තුව අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත්
විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක
තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අනුරාධපුර හා මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවන බව ඒම දෙපාර්තමේන්තුව පවසයි. හෙට දිනයේදී
ඌව පළාතෙත් මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 1.00 න් පසුව වැසි හෝ
ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

