බිත්තර හිඟයක් ඉදිරි උත්සව කාලයේදී ඇති විය හැකි බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා පවසයි.
බිත්තර සඳහා පාලන මිලක් පැනවීම හා සත්ත්ව ආහාර හිඟය මෙම තත්ත්වයට හේතුවී ඇති බවත් බිත්තර නිෂ්පාදකයින් සියයට 50 ක් පමණ මේ වන විට බිත්තර නිෂ්පාදනයෙන් ඉවත්ව ඇති බවත් රත්නායක මහතා පැවසීය.