මෙවර විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීමේදී ඇති වී තිබෙන ගැටළු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිළි තීන්දුවක් ලබාදී තිබෙන බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම එම තීන්දුවට සියයට සියයක් අනුගත වෙමින් අතිතයේදී පැවති විභාග නොව ඉදිරියේදී පැවැත්වෙන විභාග වලදී ඒ සම්බන්ධයෙන් වූ විද්වතුන්ගේ උපදෙස් ලබාගෙන සිසුන්ට කිසිදු ආකාරයේ අසාධාරණයක් නොවන ආකාරයට ක්‍රියාකරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි .
ඒ මහතා ඒ බව පවසා සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් විද්‍යා උපාධි පීඨයේ නව සොයාගැනීම් එළිදැක්වීමේ විශේෂ සමුළුවට සහභාගි වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ය .
එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ නව නිර්දේශය සහ පැරණි නිර්දේශය සම්බන්ධයෙන් දැනට උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එවැනි තත්වයකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි තීන්දුවක් ලබාදී තිබෙන බවයි .
උසස් පෙළ විභාගය සඳහා වාර්ෂිකව ළමුන් ලක්ෂ තුනක් පමණ සහභාගී වන බවත් ඉන් සිසුන් 185000 ක් පමණ විශ්ව විද්‍යාලෙට ඇතුළු වීම සඳහා අවම සුදුසුකම් ලබන බවත් එම පිරිස අතරින් විශ්ව විශ්වවිද්‍යාලයට ඇතුළත් කරගනු ලබන්නේ සිසුන් 30000 ක් පමණක් බවත් අනෙකුත් සිසුන් කරකියාගත හැකි දෙයක් නොමැතිව අසරණ තත්ත්වයට පත්වෙන බවත් පැවසිය.
එහෙත් මෙවර ඉතිහාසයේ ප්‍රථම වතාවට තවත් සිසුන් 10000 ක් වැඩියෙන් බදවා ගන්නා බවත් එම සිසුන්ට විශ්ව විශ්වවිද්‍යාලයේ හැඳුනුම්පත සමග රැකියාවක්ද ලබාදෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා පැවසීය .
“මේ වසරේ ජනවාරි පෙබරවාරි මාස වන විට විශ්වවිද්‍යාල පද්ධතිය තාක්ෂණය භාවිතයෙන් ඉගැන්වීම්වලදී අපි හිටියේ බිංදු වේ . එහෙත් මාර්තු මාසයේ පළමු කොවිඩ් රැල්ල පැමිණෙන විට අපි අන්තර්ජාලය ඔස්සේ සිසුන්ට ඉගැන්වීම් සිදු කිරීම පටන් ගත්තා . ජුනි මාසය වන විට අපි සිසුන්ට විභාගයත් පැවැත්වූවා . එහෙම කරන්න පුළුවන් වුණේ ළමුන් ගෙදර තියා උගන්නපු නිසයි.
නොවැම්බර් මාසේ සති තුනකට අපි දේශන පවත්වලා තියෙනවා 7000 ක්. ඒ සඳහා සිසුන් සහභාගි වී තිබෙනවා මිලියන 3.5 ක් . මේක වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් යන්න පුළුවන් .
ආසියානු සංවර්ධන බැංකුව මේ පිළිබඳව පර්යේෂණයක් සිදුකළා . එහිදී අපි 100% සාර්ථක බව සනාථ වුණා . ඔවුන්ට එය අදහා ගන්න බැරි වුණා . අපේ කලාපයේ අනෙක් රටවලත් මේ පර්යේෂණය සිදු කළත් ඔවුන් ඉල්ලීමක් කළා එය එළි දක්වන්න එපා කියලා . නමුත් අපි ඉල්ලීමක් කළා අපේ රටේ පර්යේෂණය එළි දක්වන ලෙස . ඒ අනුව ඔවුන් එය එළි දැක්වූවා .
ඉදිරියේදී අපේ විශ්ව විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන සෑම සිසුවෙකුටම ඔවුන්ගේ පෞද්ගලික පරිගණකයක් මිලදී ගැනීමේ අවස්ථාව උදාකර දෙනවා . ඒ සඳහා මහජන බැංකුවෙන් ණය මුදලක් ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනවා .
එම පරිගණකය සඳහා ලබාදෙන ණය මුදල ගෙවිය යුත්තේ එම සිසුවා යම් දවසක රැකියාවක් ලබාගත් දිනකදී. නමුත් එම සිසුන් මසකට රුපියල් 500 ක හෝ 600 ක මුදලක් ලබාගත් මුදල සඳහා බැංකුවට පොලී වශයෙන් ගෙවිය යුතු වෙනවා . එසේම එම පරිගණකයේ යම් අලුත්වැඩියාවක් සිදු කිරීමට වූවහොත්ත් එය කර ගැනීම සඳහා රක්ෂණ ක්‍රමවේදයක් ද හඳුන්වා දෙනවා”
ෂේන් සෙනෙවිරත්න