ඉදිරියේදී ගෘහස්ථ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හඳුන්වා දීම සඳහා සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ලොව රටවල් රැසක එම ක්‍රමවේදයන් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා කීය.
සංචරණ සීමා පැනවීම් තුළින් පමණක් මෙම වසංගතය මර්දනය කළ නොහැකි බවත්,ලොව අනෙකුත් රටවල් පිළිබඳ සොයා බැලීමේදී ද එය ඔප්පු කර ඇති බවත් හෙතෙම කියා සිටියේය.