මේවන විට කොළඹ නගරයේ වාහන ධාවනය කරන්නේ පැයට කිලෝමීටර් 10 ක 12ක වේගයකින් බව පාර්ලිමේන්තු මන්ත්රී ලසන්ත අලගියවන්න මහතා පවසයි. පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඉදිරියේදි එම අගය තවදුරටත් අඩුවන බවත් කොළඹ නගරයේ වාහන ධාවනය කිරීමේ වේගය පැයට කිලෝමීටර් 6 ක් දක්වා අඩුවනු ඇති බවට ගණන් බලා ඇති බවත් ඔහු සඳහන් කළේය.
ප්රවාහන ගැටලුවට විසඳුම් ලෙස පොදු ප්රවාහනය ශක්තිමත් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය. වැලිකඩ ඉදිකළ ගුවන් පාලමෙන්ද අපේක්ෂිත ප්රතිඵල අත්කර ගැනිමට නොහැකි වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.