දිවයිනේ පළාත් කිහිපයක ඉදිරි කාලය තුළ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
අද (20) දහවල් සිට හෙට (21) පෙරවරු 7.30 දක්වා වලංගු වන පරිදි එම අනතුරු ඇඟවීම බලපැවැත් වේ.
උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල තැනින් තැන එම තත්ත්වය අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් අකුණු අනතුරුවලින් ආරක්ෂාවීම සඳහා අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.