ගෑස් ලබන මාසයේ සිට හිඟයක් නොමැතිව ලබා දෙන බවත් දෙසැම්බර් 31වන විට ගෑස් හිඟය අවසන් වන බවත සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
විදුලිය කැපීම පැය තුනකට අඩු කර ඇති බවත් ඉතිහාසයේ විශාලතම ඉන්ධන බිල් පත ගෙවීමට මේ වන විට සිදුව ඇති බවත් ඔහු පැවැසීය.
2022 වසරේ මේ සඳහා වියදම ඇමෙරිකානු ඩොලර් බිලියන 6.7ක් ගෙවීමට සිදුවනු ඇති බවත් එය ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක වැඩිවීමක් බවත් ඔහු පැවැසීය.
මෙය විශාල කම්පන තත්ත්වයක් බවත් හම්බන්තොට වරාය විකුණා හා පෝට් සිටි ආයෝජනයෙන් ලැබුණේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් බවද ඔහු පැවැසීය.
මේ අනුව පිරිමැසුම්දායක ලෙස ඛනිජ තෙල් බෙදා හැරීම සිදුකරන බවත් QR ඛේතයක් යටතේ ඉන්ධන ලබාගැනීමට මේ වන විට වැඩසටහනක් සකස් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ආදායම් බලපත්‍රයක් ඇති බලපත්‍ර ලාභීන් සියලු දෙනා ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බවත් මේ වන විට මිලියන 4ක පමණ වාහන සංඛ්‍යාවක් QR ක්‍රමයට ලියාපදිංචි කර ඇති බවත්
ඊයේ දිනයේදී පිරවුම් හල් 243ක වාහන 70000කට අධික ප්‍රමාණයක් ඉන්ධන ලබාගෙන ඇති බවත් ඔහු පැවැසීය.