ඉතාලියේ මිලාන් නගරය ආශ්රිතව ශ්රී ලාංකික කාන්තාවන්ට රැකියා සොයා දි ලිංගික අල්ලස් ඉල්ලූ ශ්රී ලාංකිකයෙක් සම්බන්ධයෙන් ශ්රී ලාංකික කාන්තාවක් විසින් අදහස් දක්වා අන්තර්ජාලයට මුදාහැර ඇති විඩියෝවක් සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් සිටින බව ඉතාලියේ ශ්රී ලංකා තානාපති කාර්යාලය හා මිලාන් කොන්සල් ජනරල් කාර්යාලය පවසයි.
මෙය ඉතා කණගාටුදායක සිදුවීමක් බවත් ඉතාලිය වැනි නීති ගරුක රටක ශ්රී ලාංකිකයෙක් විසින්ම තම රටේම කාන්තාවන්ව රැකියා සොයා යාමේදි හා රැකියා ලබාදීමට ලිංගික අල්ලස් ඉල්ලා පීඩාවට පත් කිරිම කිසිසේත් අනුමත කල නොහැකි පිළිකුල් සහගත ක්රියාවක් බව තනාපති කාර්යාලය පවසයි.
ඉතාලිය යනු කාන්තාවන්ට උපරිම ආරක්ෂාවක් හා නීතියේ පිහිට ඇති රටක් බැවින් මෙවන් පුද්ගලයන් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැනුවත් කිරිමට කිසිසේත් බිය නොවිය යුතු බවත් තනාපති කාර්යාලය හා කොන්සල් ජනරල් කාර්යාලය ඉතාලියේ සිටින තම රට වැසියන් සම්බන්ධයෙන් ඉතා වගකීමෙන් පෙනි සිටින බවද පවසයි.
ඉතාලියේ මිලාන් නගරය මෙන්ම අනෙකුත් නගර වලින්ද කාන්තාවන්ට රැකියා සොයා දීමට හා ලබා දීමට ලිංගික අල්ලස් ඉල්ලු ශ්රී ලාංකික පුද්ගලයන් ගණනාවක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී තිබෙන බව මේ සම්බන්ධයෙන් විමසීමේදි ඉතාලි ශ්රී ලංකා සහයෝගිතා එකමුතුව පැවැසීය.
චන්දන ප්රනාන්ද ඉතාලියේ සිට