ඉතාලියේ ලොක්ඩවුන් නීතිය උල්ලංඝණය කළ ලාංකිකයන්ට ලක්ෂ 12ක දඩ
කෝවිඩ් 19 ලොක්ඩවුන් නීතිය උල්ලංඝණය කරමින් මහල් නිවාසයක සාදයක් පැවැත්වීම හේතුවෙන් ලාංකිකයන් 11 දෙනෙක්ට එක් අයෙකුට යුරෝ 533 ක් බැගින් (ආසන්න වශයෙන් ලංකා මුදලින් රුපියල් එක්ලක්ෂ දසදහසක) යුරෝ 5833 ක දඩ මුදලක් (රුපියල් දොළොස් ලක්ෂයකට ආසන්න) පොලීසිය විසින් නියම කළ පුවතක් ඉතාලියේ ෆිරෙන්සේ නගරයෙන් වාර්තා විය.
ලොක්ඩවුන් නීතිය උල්ලංඝණය කිරිම නිසා යුරෝ 400 ක් හා අවට නිවෙස් හිමියන්ට කරදරකාරි ලෙස හැසිරිම නිසා යුරෝ 133 ක මුදලක් එක් අයෙකුට වෙන් වෙන් වශයෙන් දඩ නියම කර තිබේ.
දින 50 ට ආසන්න කාලක සිට ඉතාලිය වසා දැමුනු අතර නිවෙස් වලින් පිටතට ගොස් ඒකරාසී වීම සාද පැවැත්විම අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා පිටතට යාම තහනම් කරමින් සමාජ දුරස්තභාවය තබා ගැනිම සඳහා නව නීති පැණවු අතර එම නීති උල්ලංඝණය කරන්නන්ට යුරෝ 400 සිට 3000 දක්වා දඩ නියම කිරිමේ බලයද ආරක්ෂ අංශ වෙත ලබා දුන්නේය.
පසුගිය ඉරිදා (19දා) ෆිරෙන්සේ වියා ෆොබ්රියානෝ ප්‍රදේශයේ නිවසක අවට සිටි නිවෙස් හිමියන්ට කරදරකාරි ලෙස සාදයක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණ තොරතුරක් මත ජංගම පොලිස් රථයක් අදාළ නිවෙසට ගොස් පරික්ෂා කිරිමේදි මෙම ලාංකිකයන්ව පොලිස් භාරයට ගෙන තිබේ.
ජායාරූපය මාධ්‍ය වාර්තාව

චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බ්‍රේෂියා නගරයේ සිට
popular news
-
rocky Thursday, 23 April 2020 11:40 AM
බලපුවාම අපේම උන් තමයි ගිය ගිය තැන වර්චස් ගහන්නේ! ශිහ්!
Reply : 0 0
නුවන් Thursday, 23 April 2020 12:30 PM
අතැම් ලාංකික යන් පිටරට දී හැසිරෙන්න ඉතාම පහත් විදියට යි.බොන්න ඇත්නම් මෙයාලා මහා වීරයෝ. ඉන්නා රටේ සංස්කෘතිය ඔවුන්ට අදාලම නැහැ . කෑකෝ ගැහීම් ඉවරයක් නැහැ. මහා හයියෙන් බජව් දානවා.අන්තිමට ගහ ගන්නවා ... අහල පහල අයට පුදුම වදයක් දෙන්නෙ.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

