ඉතාලියේ දින 73 ට කෝවිඩ් පරික්ෂණ ලක්ෂ 14 ක්
මාස 2කට ආසන්න කාලයක් වසාදමා තිබු ඉතාලිය ඊයේ (4) දිනයේදි ලිහිල් කිරිම ආරම්භ කළත් ඊයේ (04) දිනයේදි පමණක් සිදුකල කෝවිඩ් 19 රෝගින් හඳුනා ගැනිමේ පරික්ෂණ 48,684 අතරින් රෝගීන් 1,221 ක් සොයාගත් බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඉතාලියේ කෝවිඩ් 19 පැතිරිම ආරම්භ වු පෙබරවාරි මස 21 දා සිට ඊයේ 04 දක්වා දින 73 ක් තුල කෝවිඩ් පරික්ෂණ 1479,910 ක් සිදුකර රෝගීන් 211938 ක් හඳුනාගෙන ප්‍රතිකාර කිරිමට යොමු කිරිමට හැකි වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසිය.
මෙම රෝගීන් අතරින් 29079 මියගිය බවත් 82879 සුවවු හා 99980 ක් නිවෙස් වල හා රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.
චන්දන ප්‍රනාන්දු
popular news
-
Don Tuesday, 05 May 2020 01:11 PM
This number is nothing compared to Sri Lanka. Earlier they were focusing on the quarantine of migrants, now they are testing on Navy and their families, then they will be testing on politicians. Number of confirmed has gone up since declaring the Election date and now the average is more than 125 per week.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

