ඉතාලියේ රෝම් අගනුවර කොරනේලියා ප්රදේශයේදි පෙරේදා 21 රාත්රියේ සිදුවු අනතුරකින් ශ්රි ලාංකික තරුණයෙක් මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ රෝම් අගනුවර පදිංචි මාන්නගේ මාර්කෝ නැමති 25 හැවිරිදි තරුණයෙකි.
ඉකුත් 21 දා රාත්රියේ තම මිතුරන් පිරිසක් හමු වි තමන් පැදවු කුඩා ප්රමාණයේ විදුලි ස්කුටරයකින් පදිංචි නිවස බලා යමින් සිටියදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු බඩු ප්රවාහන වෑන් රථයක ගැටි මෙම අනතුර සිදුව ඇති බව රෝම් රථවාහන පොලිසිය පැවසීය.
මියගිය තරුණයා ඉතාලියේ රෝම් අගනුවර ඉපදි තම මාපියන් සමග ජිවත් වු අයෙකි, අනතුර සම්බන්ධයෙන් රෝම් රථවාහන පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
චන්දන ප්රනාන්දු ඉතාලියේ සිට
