ඉතාලි ජාතිකයාගේ දිවි බේරාගත් ලාංකිකයා
ඉතාලියේ මිලාන් නගරයට ආසන්න මොන්සා ප්‍රදේශයේ මාර්ගයක ගමන්ගත් මෝටර් රථයක් අනතුරකට ලක්ව ගිනි ගනිමින් තිබියදී තම ජිවිතය පිළිබඳවද නොතකා එහි සිටි ඉතාලි ජාතික රියදුරාගෙ ජිවිතය බේරාගත් ශ්රීඩලාංකිකයෙක්ගේ සම්බන්ධ පුවතක් පසුගියදා ඉතාලි මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඉකුත් (22දා) රාත්‍රියේ මොන්සා ලින්සානේ ප්‍රදේශයේ මාර්ගයක ගමන් ගත් මෝටර් රථයක් අනතුරකට ලක් වී ගිනි ගනිමින් තිබියදී ඒ අසළට කිසිවෙකුත් ළං නොවී සිටියදී සේවය නිම වී නිවෙස බලා යමින් සිටි ලංකිකයා අනතුර දැක අනතුරත් සමග වාහනයේ දොරවල් අගුලු වැටී තිබීම හේතුවෙන් අසළින් සොයාගත් ගලකින් ගසා වීදුරුව බිඳ දොර හැර එහි සිටි 34 හැවිරිදි ඉතාලි ජාතිකයාව එළියට ගෙන ජිවිත හානියක් වීමට පෙර බේරාගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබිණ.
මෙලෙස තම තම ජිවිතය පිළිබඳවත් නොසිතා අනෙකුගේ ජිවිතයක් බේරා ගැනිමට ඉදිරිපත්ව ඇත්තේ ඩබ්. අසංක (36) නැමති අයෙකි
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ සිට


popular news
-
janahitha UAE Saturday, 31 October 2020 09:36 AM
reaspect sir
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

