ව්‍යාජ තොරතුරු ඇතුළත් කර , කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් උපයෝගී කරගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික තරුණයකු අද දින අලුයම කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු මන්නාරම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙකි .
මොහු අද දින අලුයම 02:10 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත පිටත්ව යෑම සඳහා ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් .- 558 දරන ගුවන් යානයට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .
එහිදී ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා ෆ්ලයි ඩුබායි ගුවන් සේවා කවුළුව වෙත පැමිණි ඔහු , ඉදිරිපත් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රය ඇතුළු ලියකියවිලි සම්බන්ධයෙන් ගැටලුවක් මතු වූ හෙයින් , එම ගුවන් සේවා නිලධාරීන් එම ලේඛන වැඩිදුරටත් විමර්ශනය කිරීම සඳහා කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
එහිදී එම නිලධාරීන් මෙම ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කළ අතර , එහිදී ඔහු ඉදිරිපත් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍රය ව්‍යාජ තොරතුරු ඇතුලත් කර , කූඨ ලෙස සකස් කර ඇති බව තහවුරු විය .
එමෙන්ම මොහු මීට පෙර භාවිතා කර අවලංගු කරන ලද ගුවන් ගමන් බලපත්රයෙහි තිබූ ශ්‍රී ලංකා සහ ඉතාලි ආගමන විගමන දෙපාර්තමේන්තු මුද්‍රා ද ව්‍යාජ ලෙස සටහන් කරන ලද ඒවා බවට වැඩිදුරටත් කරුණු අනාවරණය විය .
එමෙන්ම මොහු වර්තමානයේ භාවිතා කරන ගුවන් ගමන් බලබලපත්රයෙහි ද පිටු ගලවා ඉවත්කර ඒ වෙනුවට යළිත් ව්‍යාජ පිටු එක් කර සකස් කර තිබූ අතර , ඔහු එසේ සිදු කර ඇත්තේ මීට පෙර ඔහු ගමන් කර ඇති ගමනාන්ත පිළිබඳ තොරතුරු වසන් කිරීමේ අදහසින් බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු සැක පහළ කරති .
ඉන්පසු මෙම තරුණයා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදී තිබේ .