ජුනි 1 දා සිට ක්‍රියාත්මක පොදු සමා කාල නව නීතිය මගින් ඉතාලියේ ජිවත් වන අනවසර සංක්‍රමණිකයන් ලක්ෂ හයකට අධික පිරිසකට විසා බලපත් ලබාදීමට කටයුතු කරන බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසයි.
වසර 8 ට පසුව ක්‍රියාත්මක මෙම පොදු සමා කාල නීතිය මගින් කෘෂිකාර්මික, ධිවර, ගෘහ සේවය හා උපස්ථාදායක සේවා යන අංශයන්හි සේවකයන්ට සේවා යෝජකයෙක් හරහා රැකියා ගිවිසුමක් මගින් මෙම වීසා බලපත් ලබාදෙන බවත් ජුනි 1 දා සිට ජූලි 15 දක්වා දින 45 ක කාලයක් මෙම විසා බලපත් අයදුම් කිරිමට ලබාදි තිබෙන බව ඉතාලි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය පැවසීය.
ඉතාලියේ අනවසර සංක්‍රමණිකයන් නීතිගත කිරිමේ පොදු සමාකාල නව නීතිය යටතේ එරට සිටින විසා බලපත් නොමැති ලාංකිකයන් පළොස්දහසකට පමණ සෙත සැලසෙන බව ඉතාලි ශ්‍රී ලංකා සුභ සාධක සංවිධාන පවසයි.
ඉතාලියේ සිටින අනවසර ලාංකිකයන්ට නව ගුවන් බලපත් ලබා ගැනිමට ඉතාලියේ රෝම් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් හා මිලාන් නුවර පිහිටි කොන්සල් ජනරල් කාර්යාලයෙන් පහසුකම් සලසා ඇති බවත් එම ගුවන් බලපත් ලබා ගැනිමට අවශ්‍ය උපදෙස් තානාපති කාර්යාල වෙබ් අඩවියේ දක්වා ඇති බව ඉතාලියේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති සිසිර සේනාරත්න මහතා පැවසීය.
පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් ගුවන් බලපත් අයදුම් කිරිමේදි ජුනි මස 30 දිනයට ප්‍රථම දිනයක් හා වේලාවක් වෙන් කරගෙන අවශ්‍ය ලියකියවිලි තානාපති කාර්යාලයට බාර දිය යුතු බවත් ලියකියවිලි බාරදුන් දිනයේ සිට අවම දින 10 ක් තුළ ගුවන් බලපත් අයදුම්කරුවෙත ලබාදීමට සැලසුම් සකසා ඇති බවත් තානාපති කාර්යාලය පවසයි..
කල් ඉකුත් වු ගුවන් බලපතක් ලබා ගැනිමේදි යුරෝ 140 ක් නැති වු ගුවන් බලපතක් ලබා ගැනිමට යුරෝ 330 ක් හා නව ගුවන් බලපතක් ලබා ගැනිමේදි යුරෝ 420 ක් සමග කුරියර් ගාස්තු යුරෝ 12 ක මුදලක් ගෙවිය යුතු බව ශ්‍රී ලංකා තනාපති කාර්යාලය පැවසීය.
චන්දන ප්‍රනාන්දු ඉතාලියේ බේෂියා නගරයේ