ඉතාලියේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීමට කටයුතු කරන බව එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
එරට තුළ දෙවැනි වටයට ඉහළ යන කොවිඩ්-19 ආසාදනවලට එරෙහිව සටන් කිරීම සඳහා මුඛ ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය රොබර්ටෝ ස්පෙරන්සා එරට පාර්ලිමේන්තුවට අවධාරණය කර තිබේ.
ඒ අනුව ඉතාලි කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව අද දිනයේදී මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.
ඉතාලි කලාප කිහිපයක් දැනටමත් මුඛ ආවරණය අනිවාර්ය කර ඇති නමුත් මෙතෙක් රට පුරා නීතියක් ලෙස එය ක්‍රියාත්මක නොවීය.