2019 වසරේ දෙසැම්බර් මුල කුඩා පිරිමි ළමයෙකුගේ ශරීරයේ කොවිඩ්-19 වෛරසය ඇති බව සොයා ගැනීමෙන් පසුව ඉතාලියේ කොවිඩ්-19 පැතිරයාමේ ආරම්භක අවධීන් සොයාගැනීම සඳහා ඉතාලියේ පර්යේෂකයන් වැඩි කාලානුරූපී අධ්‍යයනයන් දියත් කර තිබේ.
සිව් හැවිරිදි දරුවා 2019 නොවැම්බර් මස අවසානයේදී හුස්ම ගැනීමේ අපහසුතා සහ නාසයේ වේදනාවක් වැනි රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත කර ඇති අතර, වෛද්‍යවරු මුලින් සරම්ප ගැන සැකකළ නමුත් එම ප්‍රතිඵලය සෘණාත්මක විය.
ඔහුගේ නියැදිය මිලාන් විශ්ව විද්‍යාලයේ කොවිඩ්-19 සඳහා නැවත පරීක්ෂා කරන ලද නොවිසඳුණු අවස්ථා ගණනාවකින් එකක් වු අතර, පසුව අධ්‍යයනය කරන ලද සාම්පල 39න්, ඔහු ධනාත්මක විය.
විශ්ව විද්‍යාලයේ සහකාර මහාචාර්යවරයකු වන ඇන්ටොනෙලා අමෙන්ඩෝලා පවසන්නේ පෙබරවාරි 21 වැනි දින නිල වශයෙන් වාර්තා වූ පළමු සායනික ආසාදන සිද්ධියට පෙර ඉතාලියේ වෛරසය පැතිරීම හා ආරම්භක අවධියේ ආසාදනය පිළිබඳ තීරණාත්මක සොයාගැනීමක් ලෙස මෙය සැලකිය හැකි බවය.
මහාචාර්ය එලිසබෙටා ටැන්සි පවසන්නේ පිරිමි ළමයා හෝ ඔහුගේ පවුලේ අය සති කිහිපයකට පෙර විදේශගත වී නොමැති බවය. එබැවින් මෙය දේශීය ආසාදන සිද්ධියක් බවත්, ඔහු ඉතාලියේ වෛරසයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකුණු ලොම්බාර්ඩි කලාපයේදී ආසාදනයට ලක්ව ඇති බවත්ය.
පර්යේෂකයන් පවසන්නේ උතුරු ඉතාලියේ SARS-CoV2 වෛරසයේ දිගු කාලීනව මෙතෙක් හඳුනා නොගත් ව්‍යාප්තිය, ලොම්බාර්ඩි හි පළමු කොවිඩ්-19 රැල්ලේ විනාශකාරී බලපෑම සහ වේගවත් ගමන්මග පැහැදිලි කිරීමට උපකාරී වනු ඇති බවය.
ඔවුන්ගේ අධ්‍යයනයෙන් මීට පෙර සිතුවාට වඩා කලින් වෛරසය සංසරණය වී ඇති බවට වෙනත් සාක්ෂි සනාථ කරන්නක් බවද කියන්නේ, පසුගිය වසරේදී රටේ අපජලයේ තිබී කොරෝනා වෛරසය හමුවීම නිසාය.
ජාතික සෞඛ්‍ය ආයතනය පසුගිය වසරේ ඔක්තෝබර් සිට මේ වසරේ පෙබරවාරි දක්වා උතුරු ඉතාලියේ අපජලයේ පැලෑටිවල සාම්පල 40ක් පරීක්ෂා කළේය. එම ප්‍රතිඵලවලින් පෙනීගොස් තිබුණේ 2019 දෙසැම්බර් 18 වැනි දින මිලාන් සහ ටියුරින් යන ප්‍රදේශවල කොවිඩ්-19 අනාවරණය වී ඇති බවය. ඒ අනුව නව පැතිරීම් හඳුනා ගැනීම සඳහා රටේ අපජල පද්ධතිය ආශ්රිත ජාතික නිරීක්ෂණ පද්ධතියක් එතැන් සිට ස්ථාපිත කර ඇත.
මේ සියලු සිදුවීම් ඉතාලියේ කොරෝනා වෛරස අර්බුදය ආරම්භ වූයේ කවදා සහ කෙසේ සිදුවූයේද යන්න පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සඳහා විද්‍යාඥයන් උනන්දු කරවයි. මහාචාර්ය අමෙන්ඩෝලා පවසන්නේ, "වෛරසය සම්ප්‍රේෂණය වන මාර්ගය නැවත ලබාගැනීම ඉතා වැදගත් බැවින් වඩාත් අතීතයට බලපාන පර්යේෂණ කිරීමට මෙයින් ආරාධනය කෙරෙනවා." යනුවෙනි.